බ්‍රසීලයේ පැවති ජාත්‍යන්තර රොටැක්ස් කර්ටින් ශූරතාවලියේ 26 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජය කළ ඒෂාන් පීරිස් සමත්වුණා. එය ශ්‍රී ලංකා කාට්න් ධාවකයකු දිනා ගත් ඉහළම ජයග්‍රහණයයි.
බ්‍රසීලයේ පැල්ඩිනෝ ජාත්‍යන්තර ධාවන පථයේ පැවති තරගාවලියට රටවල් 56 ක් නියෝජනය කරමින් ධාවකයින් හැත්තෑදෙදෙනෙකු එක්ව සිටියා. ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය හා ප්‍රංශය ඇතුළු ප්‍රධාන රටවල කාර්ටින් ශූරයින් රැසක් ඒ අතර වනවා. විසිවන වියේ පසුවන ඒෂාන් පීරිස් තරගාවලිය නියෝජනය කළ ලාබාලම තරගකරුවායි. ශ්‍රී ලංකා කාර්ටින් ධාවකයකු කාර්ටින් ශූරතාවලියක දැක්වූ ඉහළම දක්ෂතාව දක්වමින් තරගාවලියේ 26 වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත්වුණා. මෙම තරගාවලියට ඔහු සුදුසුකම් ලබා ගන්නේ වසරක් පුරා දක්වන ලද දක්ෂතා පදනම් කරගනිමින්. ඉදිරියේදී ෆෝර්මියුලා තරගයන්ට එක්ව ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන ඒම ඒෂාන් පීරිස්ගේ අපේක්ෂාවයි.