ප්රිමියර් ලීග් ක්රිකට් තරගවලියේ කෝල්ට්ස් කණ්ඩායම සමග පවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ක්රිකට් ක්රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
කෝල්ට්ස් ක්රිකට් ක්රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට කෝල්ට්ස් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පටියට පිවිසි ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොළඹ ක්රීඩා සමාජ කණ්ඩායම ලකුණු 367 ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 142 ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ කෝල්ට්ස් කණ්ඩායමට ලබා ගත හැකි වුණේ සියලු දෙනා දැවී ලකුණු 123 ක් පමණයි. මේ අනුව ඉනිමක හා ලකුණු 19 ක ජයග්රහණයක් ලබා කොළඹ ක්රීඩා සමාජය සමත් වුණා.