ඉංගිරිය යටවතුර ප්රදේශයෙන් මාවක් ඔයේ දිය නෑමට ගිය තරුණ පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
ඉංගිරිය යටවතුර ප්රදේශයෙන් මාවක් ඔයේ දිය නෑමට යතුරු පැදි තුනකින් පැමිණි මෙම තරුණ පිරිස දියේ ක්රීඩා කරමින් සිටි බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. ඒ අතර තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා. ප්රදේශවාසීන් එක්ව ඔවුන් වහා රෝහල් ගත කළද තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා. විසි එක් හැවිරිදි ඔවුන් මාලඹේ ප්රදේශයේ පදිංචිකරුවන්.