Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් සිංහල,දෙමළ ජනතාව වීදි බසී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 16:38

ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් සිංහල,දෙමළ ජනතාව වීදි බසී

වව්නතිව් ප්‍රදේශයේ දී ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට කඩිනමින් සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා වව්නියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරතවුණා. සිංහල,දෙමළ පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

වව්නතිව් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසයි උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ. සාමකාමී රටක ජීවත්වීමේ අවස්ථාව තමන් සෑම විටම අපේක්ෂාකරන බවද ඔවුන් කියා සිටියා. විරෝධතා පාගමනක නිරතවූ මෙම පිරිස තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් පොලිසියට හා යුද හමුදාවට භාර දුන්නා.

(යුද්ධයෙන් පස්සේ අපේ ප්‍රදේශයේ ජනතාව ඉතා සාමකාමීව ජීවත්වුණා. ඒ සාමය දිගමට පවත්වාගෙන යන්න ඕන කියලා බලකරන්නයි අපි මේ උද්ඝෝෂණය කරන්නේ. ජනතාව සියලු දෙනාම සාමකාමීව ජීවත්වෙනවා දකින්නයි අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ.)

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 16:38
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්