බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා.
සබරගමුව පළාතෙත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.
ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වන අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකිි බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.