ඉතාලියේ ඇන්කෝනා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පුද්ගලයින් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් දස දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. සමාජ ශාලාව තුල සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අවස්ථාවේ දී ගම්මිරිස් අඩංගු ද්‍රාවණයක් පිරිස අතරට විසි කර තිබෙනවා. ඒ සමග තෙරපීම සිදුවුණා. එම අවස්ථාවේ ශාලාව තුළ පුද්ගලයින් දහසක් පමණ සිට ඇති බව ද සදහන්. පුද්ගලයින් මතට එම ද්‍රාවණය විසිකළ තැනැත්තා මෙතෙක් සොයා ගෙන නැහැ. ආරක්ෂක අංශ වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.