Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාර කාන්තාවන් චීනයේදී බලෙන් විවාහ කරදෙන බව හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 12:46

මියන්මාර කාන්තාවන් චීනයේදී බලෙන් විවාහ කරදෙන බව හෙළිවෙයි

විවිධ පොරොන්දු ලබාදී චීනයට රැගෙන එන කාන්තාවන් දහස් ගණනක් බලහත්කාරයෙන් විවාහ දිවියට අතුළත් කර ගන්නා බව අධ්‍යනයකින් හෙළි වුණා. මහජන සෞඛ්‍ය පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් පාසලයි අධ්‍යනය සිදුකළේ.

එළෙස මියන්මාරයේ කචින් සහ ෂාන් ප‍්‍රාන්තලවලින් චිනයට රැගෙන ආ මියන්මාර කාන්තාවන්ගේ සංඛ්‍යාව 7500ක්. ඔවුන් මෙලෙස චීන මනාලයන් වෙත විවාහ කර දෙන්නේ චිනයේ දැනට පවතින ස්ත‍්‍රි පුරුෂ ජනගහන අසමබරතාව හේතුවෙන් බවත් අධ්‍යනය සිදුකළ කණ්ඩායම ප‍්‍රකාශ කළා. වසර ගණනාවක් කි‍්‍රියාත්මක වූ එක් පවුලකට එක් දරුවෙක් ප‍්‍රතිපත්තිය නිසා චිනයේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් මිලියන 33ක අඩුවක් පවතිනවා. මියන්මාරයට අමතරව කාම්බෝජය සහ වියට්නාමය යන රටවල දිළිදු කාන්තාවන් දහස් ගණනක් චීනයට රැගෙන එන බවයි අධ්‍යන කණ්ඩායම පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2018 12:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්