බ්රසීලයේ කොල්ලකරුවන් පිරිසක් හා පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
බ්රසීලයේ බැංකු දෙකක් කොල්ලකෑමට තැත් කිරීමේදී එය වැළැක්වීමට පොලීසිය ගත් උත්සාහයේදීයි වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ. කොල්ලකරුවන් බැංකු කොල්ලය සදහා ගොස් තිබෙන්නේ මෝටර් රථයක්ද පැහැරගෙනයි. ඒ පුද්ගලයන් පස් දෙනෙකු ප්රාන ඇපයට තබා ගනිමින්. වෙඩි තැබීමෙන් ඔවුන්ද ජීවිතක්ෂයට පත් වුණා. මිය ගිය පිරිස අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකුද වනවා. සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.