රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් කැළණිය තොරණ හංදිය වරාගොඩ මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමඟ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කළා.
සැකකරු කැළණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.