දෙවන විශාලතම මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා. ඒ වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන්.
යාත්‍රා හිමිකරු යටියන්තොට පොලීසිය මගිනුයි අත්අඩංගුවට ගැනුණේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලීසිය ප්‍රකාශ කළා.
ඔහු බේරුවල මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.