Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයන්ගේ පැමිණීම 17%කින් ඉහළට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 17:06

සංචාරකයන්ගේ පැමිණීම 17%කින් ඉහළට

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේ දී 17%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

දේශපාලනික වශයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවකදී පවා මෙවැනි වර්ධනයක් අත්වී තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂ ලෙස නොවැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම සියයට 18කින් ඉහළ ගියා. නොවැම්බර් මාසය වන විට මේ වසරතුළදී මෙරටට පැමිණි සම්පූර්ණ සංචාරකයින්ගේ සංඛ්‍යාව විසි ලක්ෂ අසූදහස් හයසිය විසිහතක්.

මෙය පසුගිය වසරට සාපේක්ෂ ලෙස සැසඳීමේ දී සියයට එකොළහයි දශම දෙකක වර්ධනයක්බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙන්නේ. වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනුයි. තුන්වැනි සහ හතරවැනි තැනට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් සහ චීනයෙනුයි.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන කලාපයබවට ආසියා ශාන්තිකර කලාපය පත්ව තිබෙනවා. නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් 47% ක්. ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල්වශයෙන් ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව සැලකෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 17:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්