ලබන වසරේ බඩ ඉරිගු ආනයනය සියයට 50 කින් අඩුකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙවර මහ කන්නයේදී අක්කර දෙලක්ෂ පනස් දහසක බඩ ඉරිගු වගාකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. ඉන් ජාතික අවශ්‍යතාවෙන් සියයට 50 ක් සම්පුර්ණ කරගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කරන්නේ. මහකන්නයේ වගාකර ඇති බඩ ඉරිගු ප්‍රමාණය ලක්ෂයකින් වැඩිවීම හේතුවෙන් ලබන වසරේ බඩ ඉරිගු ආනයනය සියයට 50 කින් අඩුකරගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.