හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට එල්ල වන රොකට් ප්‍රහාරවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවක් පරාජය වී තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ජගත්මහා මණ්ඩල සැසිවාරයේදී මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 87 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 57 ක්ලැබුණා.
එමෙන්ම නියෝජිතයන් 33 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. කෙසේ නමුත් යෝජනාවලිය ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන තුනෙන් දෙකක බහුතරය ලබාගැනීමට ඇමෙරිකාවට නොහැකි වුණා.
මෙම යෝජනාව ජයග්‍රහණය නොකිරීම ලෝකය ලැබූ පරාජයක් බවයි ඇමෙරිකා පවසන්නේ. එසේම මෙම පරාජය වීම ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කළ තර්ජනයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.