SMS මගින් පිළිතුරු ලබාදුන් බාහිර අයැදුම්කරුවෙකු අත්අඩංගුවට
Related Articles
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සදහා කෙටි පණිවුඩ මගින් පිළිතුරු ලබාදුන් බාහිර අයැදුම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලංගොඩ ජෙයිලාන විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේදීයි මෙම සැකකරු මෙලෙස ජංගම දුරකතනයක් ආධාරයෙන් ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලබාගෙන ඇත්තේ.
බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව බලංගොඩ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත්තා.
විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන්ට සැකකරුගේ හැසිරීම පිළිබඳ සැකසිතී ශාලාධිපතිට ඒ බව දන්වා තිබෙනවා. එම අවස්ථාවේ දී අයැදුම්කරුගේ පාදවල සඟවා තිබියදී ජංගම දුරකතනය සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment