Life+News The Official News Portal of Independent Television Network Ltd

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:47

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වෙයි

ප්‍රාදේශිය සභා සහ පළාත් සභාකිහිපයක අයවැය සම්මත කර ගැනීම පසුගියදා සිදුකෙරුණා. ඒ, බදුල්ල, මහියංගන ප්‍රාදේශීය සභා සහ ඌව පළාත් සභාවේයි.

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදවී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 6 ක් හා විපක්ෂව ඡන්ද 14 ක් ලැබී තිබුණා. මහියංගන ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂයේ කරූ වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි ක්‍රියාත්මක වන්නේ. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සිටින අතර ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් අයවැයට පක්ෂව ඡන්ද හයක් ලැබුණු අතර ස්වාධීනව කටයුතු කරනමන්ත්‍රීවරුන් 8 දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තුන්දෙනාත් ජනතාවිමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තුන්දෙනාත් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරමින්රයිනෝ ලකුණින් ස්වාධීන පක්ෂයෙන් තරගවැද වැඩි ඡන්ද ලබාගනිමින් ස්වාධීන පක්ෂය ජයග්‍රහනයකළා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් 7 දෙනෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානනියෝජිතයන් 4 දෙනෙක් සහ ස්වාධීන පක්ෂ නියෝජිතයෙක් එක්ව එක්සත් ජාතික පක්ෂයේ කරූ වීරරත්න මහතා මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ගත්තා.  2019 සදහාපැවති අයවැය විවාදය ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

බදුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැයවැඩි ඡන්දයකින් සම්මත කරගෙන තිබෙනවා. සභාපති රම්‍යසිරි මන්තිලක මහතා අයවැය ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් හය දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂමන්ත්‍රීවරුන් 7 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශකර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ අනුව ඡන්ද 13 කින් අයවැය සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව හවුල්පාලනයක් යටතේයි මෙම සභාව කටයුතු කරන්නේ.

ඌව පළාත් සභාවේ අයවැය ද වැඩි ඡන්ද 28 කින් සම්මත වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරු30 දෙනෙක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නා. එහිදී ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්දෙදෙනා පමණක් විරුද්ධව ඡන්දය ලබාදුන්නා. සභාපති ඒ එම් බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙනුයි සභාව පැවැත්වුණේ. ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා අයවැය යොජනාව ඉදිරිපත් කර තිබුණා. 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්