Life+News The Official News Portal of Independent Television Network Ltd

වංචාවෙන් මුදල් එකතු කළ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 13:42

වංචාවෙන් මුදල් එකතු කළ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

තරුණියකගේ ඡායාරූප යොදාගෙන සැත්කම් සදහා බව කියමින් වංචා සහගත ලෙස මුදල් එකතු කළ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි නිරෝගී තරුණියකගේ ඡායාරූප යොදාගනිමින් කොඳුඇටපෙලේ සැත්කමක් සදහා බව කියා සැකකරුවන් මෙම ජාවාරම සිදු කර තිබෙනවා.

ඒ ගම්පහ – යක්කල සහ වීරගුල ආදි ප්‍රදේශවලදීයි. රුපියල් 50 සහ 100 වශයෙන් ටිකට්පත් මුද්‍රණය කර ඒවා අලෙවි කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

ටිකට් පත් අලෙවි කළ පුද්ගලයන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 13:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්