Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:05

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පසුගියනොවැම්බර් මස 09 වනදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින්ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වැඩිදුර විභාගය අද (07) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයේදීආරම්භ වුණා.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු  සත් දෙනෙකුගෙන් යුත් පූර්ණවිනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිව්වන දිනටයි අද (07) පෙත්සම් විභාගය සිදු කෙරෙන්නේ.

අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දුප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද(07) පෙරවරු දහයට පෙත්සම් විභාගය ආරම්භකෙරුණා.

මැදිහත්කාර පාර්ශ්වයන්ගේ නීතීඥයන්ගේ වැඩිදුර වාචික දේශණ අද (07)දිනයේත්ඉදිරිපත් කෙරෙනවා. ඊට පිලිතුරු පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කිරීමට නියමිතයි. මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වෙනුවෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ ක්‍රිෂ්මාල්වර්ණසූරිය මහතා කියාසිටියේ  දැනට රටේඋද්ගතවී ඇති අර්බුදය නිමා කිරීම සදහා හොදම අවස්ථාව මහජන මතය විමසීමට මැතිවරණයකටයාම බවයි. දැනට විධායක ජනාධිපතිවරයා පත්ව සිටින්නේ ජනතා ඡන්දයෙනි. ඒ අනුව ඔහුපාර්ලිමේන්තුවේ විශ්වාස ඇති යැයි හැගෙන පුද්ගලයෙකු අගමැතිකම ලබාදී තිබෙනවා. ඊටඅමතරව ව්‍යවස්ථාවේ තිස්තුන දෙක සී ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුසැසිවාර කැදවීමටත්, විසිරුවාහැරීමටත් බලය තිබෙන බව වර්ණසූරිය මහතා කියාසිටියා. ඒඅනුව මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට්පත්‍රය නීත්‍යානුකූලව සිදුකර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. අවසන් වශයෙන් වර්ණසූරියමහතා කියාසිටියේ සියලු දෙනාගේම අවදානය යොමුවිය යුත්තේ අර්බුදකාරී තත්ත්වය නිමාකිරීම සදහා ජනතාවගේ කැමැත්ත විමසා බැලීමට මැතිවරණයකට යායුතු බවයි.  ජනාධිපතිතුමා නිකුත් කළ අදාළ ගැසට් පත්‍රයක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 13 වනදා අතුරුතහනම්නියෝගයක් අද (07)දක්වා නිකුත් කළා.  එමඅතුරුතහනම් නියෝගය ඊයේ (06) හෙට(08) දිනය දක්වා දීර්ඝ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 12:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්