19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කළා.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 08 වනදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසදීම සදහා බවයි.
එම සංශෝධනය මගින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපනය කිරීම සහ ප්රජාතන්ත්රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ. එය අප රටේ ප්රජාතන්ත්රවාදය අගයන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘ භූමිය නූතන යුගයකට ගෙන යාම සදහා අත්‍යවශ්‍ය වූවකි. එබැවින් 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇතිකරනු ලැබූ ප්රජාතන්ත්රවාදී සාරය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින් දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නාවූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.