ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබාගැනිමේ වාර්තාව තමන් සතුකර ගැනිමට පාකිස්ථාන දඟපන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා අද (06) සමත් වුණා. ඒ පාකිස්ථානය හා නවසීලනතය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුර.
යසීර් ෂා මෙම වාර්තාව තැබීමට සමත්වුයේ ඔහු මුහුණදුන් 33 වන ටෙස්ට් තරගයේදි. මීට පෙර එම වාර්තාව සතුකරගෙන සිටියේ දඟපන්දු යවන්නෙකු වූ ක්ලැරි ගිමට්. ඒ මීට වසර 82 කට පෙරදී.
මේ අතර පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසානයේ තවත් වාර්තාවක් තමන් සතුකර ගැනිමේ අවස්ථාව යසිර් ෂා ට හිමිව තිබෙනවා. ඒ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක වැඩිම කඩුලු දවාගත් පාකිස්ථානු පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වීමටයි. එම වාර්තාව කඩුලු තිහක් දවාගෙන පාකිස්ථාන හිටපු කි‍්‍රඩක අබ්දුල්කාදර විසින් පිහිටුවා තිබෙනවා. යසීර් ෂා මෙම තරගාවලියේ මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 27 ක්.