දෙවන විශාලතම හෙරොයින් මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළා. රඳවාගෙන ප්‍රශ්න කිරිම සදහා අධිකරණයෙන් අවසර ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය පාකිස්ථානයේදි ඇසුරුම් කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව ඇතැයිද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
හෙරොයින් කිලෝ ග්‍රෑම් 231 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බේරුවල බලපිටිය මුහුදු තීරයේදි. මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 278 කට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_wq3cuVjKjY”]