Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම වැළැක්විමේ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 17:30

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම වැළැක්විමේ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මකවීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා (08) දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ අනුව එම ගැසට් පත්‍රයේ සදහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා (08) දක්වා දීර්ඝ කර තිබෙනවා.  ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 වන දිනටත් අද (06) විභාගයට ගැනුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.

ඊයේ (05) දිනයේදී නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණා. අද (06) දිනයේදී මැදිහත්කාර පෙත්සම්කරුවෙකු ලෙස පෙනී සිටින පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් කරුණු දැක්වීම ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ආරම්භ කළා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 දෙක ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නියමිත කාල සීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බවට 19 වන සංශෝධනය තුළින් ජනප්‍රිය දේශපාලන වැකියක් ඇතුළත් කිරීමට ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇති බවයි මනෝහර ද සිල්වා මහතා කියාසිටියේ.

තවත් මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වන ජගත් වැල්ලවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියාසිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ඡාවේ හැත්තෑව එක ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති සීමා කිරීම් 62 දෙක සහ 33 තුන ව්‍යවස්ථාවන්ට අදාළ නොවන බවයි.

එබැවින් 19 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු බාධාවක් නොමැති බවට අලි සබ්රි මහතා තර්ක කර සිටියා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්ථ නීරූපනයක් ලබාදීමේදී මහජනයාගේ ස්වාධිපත්‍ය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම අවශ්‍ය කාරණයක් බවද අලි සබ්රි මහතා කියාසිටියා. මේ නිසා ජනතාවට මැතිවරණයක් සදහා අවස්ථාව සැලසීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

තවත් මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කියාසිටියේ නීතිපතිවරයා පැවසූ ආකාරයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑව එක ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති සීමා කිරීම් හැට දෙක, දෙක සහ තිස්තුන දෙක සී ව්‍යවස්ථාවන්ට අදාළ නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරයාට හැටදෙක, දෙක සහ තිස්තුන දෙක සී ව්‍යවස්ථාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව ඔහු සදහන් කළා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් 13 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය ලබන 8 වනදා දක්වා බලපැවැත්වෙනවා. අගවිනිසුරු නලීන් පෙරේරා සහ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් විභාගයට ගැනෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 17:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්