නවතම ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවන බව මහ බැංකුව පවසයි
Related Articles
ෆිච් ආයතනය සහ එස් ඇන්ඩ් පී ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහත දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එකග වන්නේ නැති බව ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කරනවා.
විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ වුවද ණය කළමනාකරණය විධිමත්ව සිදු කීරීමට මහබැංකුවට ඉතිහාසය පුරාම හැකියාව ලැබුණා. වීදේශ ණය හා මූල්‍ය ගණුදෙනු සක්‍රියව මෙන්ම විධිමත්ව සිදු කීරීමට මේ වන විටත් මහබැංකුව සමත්ව ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සදහන් කරනවා. මහබැංකුව විදේශ සංචිතය ශක්තිමත් කිරීමටද, ඩොලරයේ බලපෑම අවම කිරීමටද යෝග්‍ය ක්‍රියාමාර්ග රැසක් ද අනුගමනය කර තිබෙනවා. මෑතකදී හදුන්වාදුන් ණය කළමනාකරණ සැළැස්ම හරහා දේශීය මූල්‍ය මට්ටම යහපත් තත්ත්වයකට ගෙන ඒමට හැකි වූණා.
මෙම සියලු ක්‍රියාමාර්ග හරහා සමස්ථ බැංකු අංශයේද ස්ථාවර භාවයක් ඇති කර ගැනීමට හැකිව ඇති බවද වාර්තා වනවා. මෙම යහපත් ප්රවණයතාවන් ලගාකරගෙන ඇති අවස්ථාවකදී වුවද ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් පහළ මටට්මට දැමීම කිසිසේත් සාධාරණ නොවන බවයි මහබැංකුව පවසන්නේ. සමස්ථ ආර්ථිකයේ ප්රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වල වීම පිළිබදව කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ බලපෑම මත සිදු කර ඇති මෙම ක්‍රියාමාර්ගයට එකග නොවන බවයි මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment