දුම්කොළ ආශ්රිත නිෂ්පාදන සදහා නව බදු ක්‍රම දෙකක් හදුන්වාදීමට පාකිස්ථානය තීරණය කළා.
දුම්පානය අධෛර්යමත් කිරීමයි අරමුණ. මෙම නව බදුක්රමවේද දැනට රටවල් 45 ක පමණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාව ද ඊට ඇතුලත්. මහජන සෞඛ්‍යයට සිදුවන හානි අවම කිරිම හා යහපත් සෞඛ්‍ය මට්ටමක් ජනතාව අතර පවත්වාගෙන යාමට මෙමගින් හැකිවන බවයි පාකිස්ථාන සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය සදහන් කළේ.