එජාප අගමැති අපේක්ෂකයා තීරණය කිරීමට හිටපු මැති ඇමතිවරුන් ප්රජාතන්ත්රවාදය ඉල්ලයි
Related Articles
එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්මේලනයක් පවත්වා තීරණය කළ යුතු බව එම පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා.
හිටපු නායකයන් සෑමවිටම පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය ප්‍රදර්ශනය කළ බව හිටපු අමාත්‍ය එම් ඩී ප්‍රේමරත්න මහතා අවධාරණය කරනවා.
ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉසුලූ සියලු දෙනා පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය මුළුමනින්ම ආරක්ෂා කිරීමට ක්‍රියාකළ බව ප්‍රේමරත්න මහතා පවසනවා.
ජේ.ආර් ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් සමග කටයුතු කර අත්දැකීම් ඇති තමන්ට එම නායකයන් පක්ෂයේ ප්රජාතන්ත්රවාදයට ගරු කළ අයුරු ඒ මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව බහුතරයේ කැමැත්ත මත පක්ෂ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය ආදිය පිළිබදව තීරණ ගත් ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට පැවති බවද එම පක්ෂයේ හිටපු මහජන නියෝජිතයන් පවසනවා.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා දිවි ඇතිතුරා එම තනතුර දැරීමට හැකිවන ලෙස බලයට පත්ව ඇති බවද එම් ඩී ප්‍රේමරත්න මහතා පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය වෙනස් නොකළ හොත් තම පක්ෂයට අනාගතයක් නැති බවයි ඒ මහතා වැඩිදුරයත් කියා සිටින්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment