අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරඟාවලියේ පොලිස් ක්රීඩා සමාජය සමග පැවති තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
පොලිස් ක්රීඩා පිටියේ පැවති තරඟයෙන් පළමු අර්ධය නිමා වන විට පොලිස් ක්රීඩා සමාජය ලකුණු 14 ක් ලබා ගත්තා.
ඒ වන විට හැව්ලොක් කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.
එහෙත් දෙවන අර්ධය සියතට ගැනීමට හැව්ලොක් ක්රීඩකයින් සමත් වුණා.
මේ අනුව ගෝල දිනුම් 03 ක් සමගින් ලකුණු 31 ක් ඔවුන් ලබා ගනිද්දී පොලිස් කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 26 ක් පමණයි.