ජල විදුලි නිෂ්පාදනය ඉහළගොස් තිබෙනවා. වැසි තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යාමයි ඊට හේතුවයි.
මේ වනවිට සියලු ජලාශවල එය 83%ක් පමණ ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලි නිෂ්පාදනය 50%කින් ඉහළ යාම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්රයක් නඩත්තු කටයුතු සඳහා නවත්වා දැමූ බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.