උතුරු කොරියාවේ මිසයිල මධ්‍යස්ථානයක් පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. ඒ චන්ද්‍රිකා මඟින් ලබාගත් ඡායාරූපවලින්.
ඔවුන් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලිම සඳහා සැලසුම් කරන බවටයි මත පළව තිබෙන්නේ. සිංගප්පූරුවේ පැවති සමුළුවෙන් අනතුරුව න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින බවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් පොරොන්දුවක් ලබාදුන්නා. එහෙත් ඒ සම්බන්ධයෙන් ගැටළු මතුව තිබෙනවා. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික ආයුධවලින් තොර කලාපයක් කිරිමයි අපේක්ෂාවයි. ඒ පිළිබඳ පූර්ණ නිරික්ෂණයක් සිදුකරන බවයි ඇමරිකා බලධාරින් සඳහන් කළේ. ලබන වසර මුලදී දෙරටේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.