Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය තුන් වන දිනටත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 08:48

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය තුන් වන දිනටත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන්වන දිනටත් අද විභාගයට ගැනෙනවා.

පෙත්සම් ඊයේ දෙවන දිනට විභාගයට ගැණුන අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය  මහතා අධිකරණයට දැනුම් දුන්නේ ජනපති තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.මෙම අවස්ථාවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක්කර ඇති බව ද නිතීපතිවරයා දැනුම් දුන්නා. එබැවින්  පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.  පෙත්සම් විභාගය තුන්වන දිනටත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල  ඉදිරියේ අද විභාග කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2018 08:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්