කතානායකවරයාගේ පක්ෂග්රාහී ක්‍රියාකලාපය හෙළා දකිමින් තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතර මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකයි.
පොලොන්නරුවේ ගොවි ජනතාව හිගුරක්ගොඩ නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානකර තිබුණා. කතානායකවරයාගේ පක්ෂග්රාහී ක්‍රියා කලාපය හෙළාදකින උද්ඝෝෂකයින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසයි ඉල්ලා සිටින්නේ. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
ජනතා මතයට ඉඩ සළසමින් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරේ ජනතාව ද විරෝධතාවක නිරත වුණා. නෙදුන්කේනි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා.
වව්නියා දකුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත රාජකරුණා,
[ot-video type=”youtube” url=”https://youtu.be/89fg7BUcgEM”]
මේ අතර ජනතා පරමාධිපත්‍ය සුරකිමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් බලංගොඩදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලංගොඩ ආසන සංවිධායක අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනට බොහෝ දෙනෙකු සහාය පළකළා.