අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවන් හය ලක්ෂ පනස්හය දහස් හයසිය හතළිස් එක් දෙනෙකු පෙනී සිටිනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයැදුම්කරුවන් හාරලක්ෂ විසි දෙදහස් අටසිය පනස් දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. ඒ සඳහා ඉල්ලුම් කර ඇති පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ තිස්තුන්දහස් හත්සිය අනූ එකක්. මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැට එකකදී විභාගය පැවැත් වෙනවා. විභාගයට පෙනී සිටීම සදහා අයදුම්කරුවන් අද උදෑසනම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ආකාරය දැකගත හැකිවූ බවයි අප වාරතාකරුවන් පවසන්නේ.
සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන , ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ. විභාගය ලබන 12 වනදා තෙක් පැවැත්වෙනවා.