Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන්ට රෑ ඇඳුම් තහනම්…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 13:18

කාන්තාවන්ට රෑ ඇඳුම් තහනම්…

කාන්තාවකගේ ඇඳුම ගැන තීරණය කරන්න පිට කාටවත් බැහැ. තමන් කැමැති ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕනෙ. ඒ ඇඳුම නිදා ගන්න විතරක් අඳින ඇඳුමක් ද නැත්නම් පිටතට අඳින ඇඳුමක් ද කියන එක වැදගත් වෙන්නේ නැහැ කියලයි බොහෝ තාන්තාවන් සිතන්නේ..නමුත් ඉන්දියාවේදී නම් මේ තත්ත්වය වෙනස්.ඒනම්,

කාන්තාවන් රාත්‍රී නින්දට යාමේ දී අඳින ඇඳුම දිවා කාලයේ දී ඇඟලාගෙන සිටීම තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ පිහිටි ගම්මානයක වැඩිහිටි සංගමයක් තීරණය කර තිබෙනවා.

උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කාලය ඇතුළත ප්‍රදේශයේ දිවි ගෙවන තරුණ සහ වැඩිමහල් කාන්තාවන් කිසිවෙකුටත් රාත්‍රී නින්දට යන විට අඳින ගවුමෙන් සැරසී සිටීම තහනම් කිරීමටයි ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි ‘ටොකලාපල්ලි’ ගම්මානයේ වැඩිහිටි සංගමයක් තීරණය කර ඇත්තේ. එම නියෝගය කඩ කරන අයෙකුට ඉන්දියානු රුපියල් 2000ක දඩ මුදලකට යටත් වීමට ද සිදුවන බවටයි වාර්තා වෙන්නේ…

නියෝගය කඩකරන කාන්තාවන් ගැන නිලධාරීන්ට දන්වන පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 1000ක ත්‍යාග මුදලක් ලබා දීමට ද එම සංගමය පොරොන්දු වී තිබෙනවා.

ගම්වැසියන් සියලු දෙනා දැඩි ලෙස මෙම නියෝගය අනුගමනය කරනු දැකිය හැකි අතර, මේ දක්වා කිසිවෙකුත් එය කඩ කර නොමැත. මෙම සංගමයේ ප්‍රධානියා ද කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 13:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්