Life+News The Official News Portal of Independent Television Network Ltd

වව්නතිව් පොලිස් ඝාතනය ගැන පරීක්ෂණ අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 11:25

වව්නතිව් පොලිස් ඝාතනය ගැන පරීක්ෂණ අඛණ්ඩව

මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරික්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

සිද්ධියෙන් මිය ගිය පොලිස් නිලධාරී ප්‍රසන්න ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ ඔහුගේ ගාල්ල උඩගම නිවසට පැමිණියා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. මියගිය දිනේෂ් අලගරත්නම් නමැති පොලිස් නිලධාරියාගේ දේහය කල්මුණේ පෙරියනිලාමනි හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. මියගිය දිනේෂ් අලගරත්නම් මහතා විසි අට හැවිරිදි වියේ පසුවුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා. මඩකලපුව වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය අසළදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබුවා. ටී 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති බවයි මූලික පරික්ෂණවලදී හෙළිවුණේ. වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ තිබී සොයාගත් ටී 56 වෙඩි උණ්ඩ කිහිපයක් මේවන විට රසපරික්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. වව්නතිව් පොලිසියට අනුයුක්තවයි මෙම නිලධාරීන් දෙදෙනා රාජකාරි සිදුකර ඇත්තේ. මිය ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් ධුරය දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 11:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්