පන්නිපිටිය ඇරැව්වල ප්රදේශයේ නිවසකට ඇතුළු වී දියමන්ති සහ මැණික් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරින් සිදු කළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස මැලිබන් හන්දිය ප්රදේශයේදීයි. පොලිස් නිළධාරින් ලෙස පෙනි සිටිමින් නිවසට ඇතුළු වු සැකකරුවන් නිවෙස් හිමියාට පහර දී මැණික් හා දියමන්ති කොල්ලකා තිබෙනවා. ඒවා මිලදි ගැනිම සදහා නිවසට පැමිණ සිටි විදෙස් ජාතිකයෙකුද පැහැර ගැනිමට ලක්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාතර ප්රදේශයේ පදිංචි තුසිත මධුරංග නොහොත් මාතර මල්ලි ලෙස ප්රකටව සිටි අයෙකු බවයි පොලිසිය ප්රකාශ කළේ. ඔහු නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.