Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 09:02

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය හෙට ආරම්භ වනවා. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවන් හය ලක්‍ෂ පනස්හය දහස් හයසිය හතළිස් එක් දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයැදුම්කරුවන් හාරලක්‍ෂ විසි දෙදහස් අටසිය පනස් දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. ඒ සඳහා ඉල්ලුම් කර ඇති පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ තිස්තුන්දහස් හත්සිය අනූ එකක්.  මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැට එකකදී විභාගය පැවැත්වීමට නියමිතයි.  අයදුම්කරුවන් කල්වේලා ඇතුව විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. විභාගය ලබන 12 වනදා තෙක් පැවැත්වෙනවා. විභාගය අවසන් වන තෙක් විෂයානු බද්ධ දේශන ,සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්ණ පත්‍ර බෙදා හැරීම ඇතුළු විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට කෙරෙන ප්‍රකාශ  තහනම් වනවා.  ඊට අදාළ පොස්ටර් , බැනර් , අත්පත්‍රිකා  විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැන්  දෑ ලග තබා ගැනීම ද තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 09:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්