Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසය සැඟවගත් ඡායාරූප පෙළක්…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 08:30

ඉතිහාසය සැඟවගත් ඡායාරූප පෙළක්…

දෙවැනි ලෝක යුද්ධයේ ඔස්විට්ස් වධකාගාරය තුල මරාදැමුනු යුදෙව්වන්ගේ මංගල මුදු,1945.

(සෑම එක් මුද්දකින්ම විනාශ වී ගිය සම්පූර්ණ පවුලක් නියොජනය නොවේද?)

 

කාබුල්, ඇෆ්ගනිස්තානය. 1972.
(ඉස්ලාමීය විප්ලවයට පෙර)

 

තනි රෝදේ මොටර් සයිකලය, 1931.
උපරිම වේගය පැයට සැතපුම් 93ක් බව කියවේ!

 

ඒකාධිපතීන් දෙදෙනෙකුගේ හමුව!
ප්‍රංශය යටත් කරගැනීමෙන් පසු,ඇඩොල්ෆ් හිට්ලර් නැපෝලියන් බොනපාට් ගේ සොහොනට ආචාර දැක්වීම, 1940.

 

සිංගප්පූරුවේ අබිං ගුබ්බෑයමක්, 1941.

 

සදට, පෘථිවිය පෑයීම!
විලියම් ඇන්ඩර්ස්, ඇපලෝ මෙහෙයුම.1968.

 

වසර 1340ක් වයසැති යෝධ රෙඩ්වුඩ් වෘක්ශයක් බිම හෙලීම, 1892.

 

සීනු ඔරලෝසුව(Alarm clock) නිපදවීමට ප්‍රථම මිනිසුන් එදිනෙදා ඇහැරවීම සිදුකිරීමට වෙනම ‘ඇහැරවන්නන්’ සිටියහ. ඔවුහූ එක් එක් නිවසේ ජනේලය අරින තුරු ඊට තට්ටු කරන අතර ඒ සදහා මාසික වැටුපක් ලැබීය.

 

ලොව ප්‍රථම මරණීය රිය අනතුර!
ලන්ඩන් නුවර 1896.

ජීවිතය සැබවින්ම මේ සා දුකක්ද?
යුද්ධය නිමවී වසර ගණනකට පසු තම පවුල කරා පැමිනි සොල්දාදුවෙක්, තම නිවසේ සුන්බුන් දකිමින්, 1946!

 

ලොව ප්‍රථම වර්ණ රූපවාහිනිය,1946.

 

කිලෝ 1800ක් බරැති, නිල් තල්මසෙකුගේ හදවතක්!

 

“ටයිටැනික් ගිලේ – ජීවිත රැසක් බිලිවේ”
1912, අප්‍රේල් 15 සවස් යාමය. ලන්ඩන් නුවර!

 

 

ජංගම ග්‍රැමෆෝනයක්. ලන්ඩන් නුවර,1920.

 

 

වෙඩි නොවදින කබා පරික්ෂා කර බැලීම,1923.

 

 

ඇන්ජලීනා ජොලී,1979.

 

දිය යටදී ගනු ලැබූ ප්‍රථම ජායාරූපය,1899

 

අවුරුදු 1500ක් අත්වැල් අල්ලාගෙන සිටි රෝම යුවලක්!

 

විසූවියස් ගිනිකන්ද පුපුරා යාම, 1944.

 

 

ස්ටීව් ජෝබ්ස් සහ පළමු ඇපල් පරිඝනකය, ජනවාරි 24, 1984.

 

අශ්වයන් 20 දෙනෙකු විසින් ටොන් 16ක් බරැති ටයිටැනික් නැංගුරම ඇදගෙන යමින්, 1911.

 

 

 දිය යට පුහුණු වීමෙහි නිරත වන මොහොමඩ් අලී, 1961.

 

බොබ් මාර්ලි, ලෝක රූ රැජින සමග, 1976.

 

ලෝකප්‍රකට ‘Shrek’ චරිතය සදහා පාදක කොටගත් ප්‍රංශ ජාතික මල්ලවපොර ශූරයා, මෞරිස් ටිලෙට්!

 

ලොව ප්‍රථම selfie ජායාරූප! 
රොබට් කොර්නේලියස්.1839, ෆිලඩෙල්ෆියාව.

 

සරසවි අවධියේ දී අතිශයින් ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටි හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ගේ එකළ අන්වර්ථ නාමය ‘බැරැක් ඔගංජා’ විය!

 

 

මහත්මා ගාන්ධි මියයන විට සන්තකයේ තිබූ සියල්ල, ජනවාරි 30, 1948.

 

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ චාලි චැප්ලින්, ‘City Lights’ චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙමින්, ජනවාර් 20, 1931.

 

ඇඩෝල්ෆ් හිට්ලර්, පලමුවන ලෝක යුද්ධයේ කෝප්‍රල් වරයෙකු ලෙස, 1918.(වම් පස කෙළවර)

 

ටයිටැනික්, අවසන් ජායාරූපය. අප්‍රේල් 14,1912

 

ෆිදෙල් කැස්ත්‍රෝ සමග චේ ගුවේරා,1965.

 

රජවරුන් නව දෙනාගේ අවසන් හමුව. ලන්ඩන් නුවර, මැයි 1910.

එංගලන්තයේ එඩ්වඩ් VII රජුගේ අවමංගල්‍යය උත්සවයට පැමිණි ප්‍රභූන් අතර එවකට යුරෝපයේ රජකල රජවරුන්ද විය. එහිදී ඔවුන් ඓතිහාසික ජායාරූපයකට පෙනීසිටි අතර එය එකම රූපරාමුවක් තුල ඔවුන් ජායාරූප ගතවුනු එකම සහ අවසාන අවස්ථාවද විය. 

ඔවුන් වම් පස සිට පිළිවෙලින්,(සිටගෙන සිටින)
VII වන හාකෝන් රජු, නෝර්වේ.
සාර් ෆර්ඩිනැන්ඩ්, බල්ගේරියාව.
II වන මැනුවෙල් රජු, පෘතුගාලය.
II වන කයිසර් විල්හෙල්ම්, ජර්මනි.
I වන ජෝර්ජ් රජු, හෙලෙන්ස්.
I වන ඇල්බර්ට් රජු, බෙල්ජියම.

වම් පස සිට පිළිවෙලින් (වාඩි වී සිටින)
XIII වන ඇල්පොන්සෝ රජු, ස්පාඤ්ඤය 
V වන ජෝර්ජ රජු, එක්සත් රාජධානිය.
VIII වන ෆෙඩ්රික් රජු, ඩෙන්මාර්කය.

ඔවුහූ එකිනෙකාට නැදෑ වූ අතර මෙහි පියවරු සහ පුත්තුද, මාමාවරු සහ බෑනාවරුද, එකම මිත්තනියගේ මුනුබුරන්ද වූහ.

මේ පින්තුරයෙන් වසර හතරකට පසු පලමවන ලෝක යුද්ධය ඇතිවුන අතර, එහිදී මොවුන් නව දෙනාගෙන් හතරක් බලයෙන් පහකෙරුණු අතර එක් අයෙකු ඝාතනයට ලක්විය.
දේශපාලනයේ අපූර්වත්වය නම්, මෙම ජායාරූපයට පෙනී සිටින විටත් ඔවුන් ළගළගම ලෝක යුද්ධයක් එනබව දැන සිටිමත්, එය ඇති වන්නේ තමතමන් අතර බවත් එහිදී එකිනෙකා අතින් තමන් නැසීයන බව දැන් සිටීමත්ය.

 

 

ලින්කන් සරසවි සිසුන්ට සාපේක්ෂතාවාදය උගන්වන අයින්ස්ටයින්,1946.

 

ලෙනින්ගේ අවසන් ජායාරූපය. මැයි 15, 1923, ගෝර්කි හී දි. 

ජීවිතයේ අවසාන වසර දෙක තුල අඝාත (strokes) තුනකට මුහුණදී සම්පූර්ණයෙන් ගොළුව හා පක්ශගාතව (paralyzed) සිටි ලෙනින් ජනවාරි 21, 1924 මොස්කව් වේලාවෙන් පස්වරු 6.50ට මියයන විට 53වන වියෙහි පසුවිය.

 

තම ළදරු මළ සොයුරා මිහිදන් කිරීමට ආදාහන වාරය එනතුරු පෝලිමේ සීරුවෙන් සිටින ජපන් දරුවෙකු. නාගසාකි,1945.

 

‘වහල් සේවයේ කැළැල්.’ ගෝර්ඩන් නම් සේවකයා තම කෲර ස්වාමියගෙන් ලද කසපහරේ අවශිෂ්ටයන් පෙන්වමින්, ලුසියානා 1863.

 

බුධ, සිකුරු සහ සෙනසුරු ගීසා හී පිරමිඩ් ශීර්ෂ ඉහළින් මෙලෙස දිස්වීම සෑම වසර 2737කට වරක් සිදුවන අතර අවසන් වරට මෙය 2012 දෙසැම්බර් 3 වන දින දී සිදුවිය.

 

බැරක් ඔබාමා ළදරු කල, සිය මව් ඈන් ඩන්හැම් සමග, 1960.

 

ඩයනා කුමරිය, මුල්වරට Mr.Bean දකිමින්,1984

 

රුමේනියාවේ ඩ්‍රැකියුලා මාලිගය,1920

 

මාර්ටින් ලූතර් කිං, ෆ්ලොරීඩාහි සුදු ජාතිකයින් සදහා පමණක් වෙන්වූ අවන්හලකට ඇතුල්වීමේ වරදට අතඅඩංගුවට ගැනීම,1964.

 

මියයන විට 138 වියෙහි පසු වූ, රතු ඉන්දියානු නායක ‘ජෝන් ස්මිත්’, 1784-1922.

 

කොකා-කෝලා බෝතලයේ පරිණාමය 1899, 1900, 1915, 1916, 1957 සහ 1986.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්