fbpx

මානව හිමිකම් සිනමා උලෙළ දෙසැම්බර් 05 සිට…

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/Court-Indian-Film.jpg”]

දකුණු ආසියා මානව හිමිකම් සිනමා උලෙළ එළඹෙන දෙසැම්බරයේ 05 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි. එය එදින සිට දින පහක් පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්‍ෙ. මේ සිනමා උලෙළ අග්නි ජාත්‍යන්තර සංවිධානය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙනුයි සංවිධානය කර තිබෙන්නේ.මෙම උලෙළ නොමිලයේ පැවැත්වෙන අතර සෑම චිිත්‍රපට දර්ශනයකම එයට අදාළ අධ්‍යක්ෂවරුන් සහ නළු නිළියන් සහභාගි වන බව එහි සංවිධායක මණ්ඩලය දන්වා සිටිනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/Poster_191811.jpg”]

මෙම උලෙළේ සිනමාපට තිරගත වන පිළිවෙළ මෙසේයි.

දෙසැම්බර් 05 වැනිදා සවස 5ට – අ ලෙටර් ටු ප්‍රසිඩන්ට් – ඇෆ්ගනිස්තානය

දෙසැම්බර් 06 වැනිදා සවස 5ට – සලාම් – පාකිස්තානය

දෙසැම්බර් 07 සවස 5ට  – අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් – බංග්ලාදේශය

දෙසැම්බර් 08 වැනිදා සවස 05ට -කෝර්ට් – ඉන්දියාව

දෙසැම්බර් 09 වැනිදා සවස 05ට  -වයිට් සන් – නේපාලය

[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/seto_surya_ver6_xlg-750×330.jpg”]

Similar News