Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියේ 2891දෙනෙකුට උසස්වීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 10:24

පොලීසියේ 2891දෙනෙකුට උසස්වීම්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත  කාන්තා හා පිරිමි පොලිස් නිලධාරින් දෙදහස් අටසිය අනූ එක් දෙනෙකු සදහා උසස් විම් ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා නිළධාරින් එක්දහස් හත්සිය අසු තුන් දෙනෙකු , කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා පොලිස් සැරයන් තනතුර දක්වා නිළධාරිනියන් තුන්සිය තිස්හතර දෙනෙකු ,පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරික්ෂක තනතුර දක්වා නිළධාරින් පන්සිය පනස් තුන් දෙනෙකු , කාන්තා පොලිස් සැරයන් තනතුරේ සිට කාන්තා උප පොලිස් පරික්ෂක තනතුර දක්වා නිළධාරිනියන් හැත්තෑහය දෙනෙකු සදහා උසස්විම් ලබා දුන්නා.

මිට අමතරව පොලිස් රියදුරු උසස් වීම් එකසිය හතලිස් පහක්ද ලබා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2018 10:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්