ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත්තේ දෙසැම්බර් පළමුවැනිදායි.නමුත් දැන් කාටත් ඒඩ්ස්වල භයානකකම ටිකෙන් ටික අමතක වන සමය උදා වී තිබෙනු පෙනෙන්නට ඇත. යළිත් එච්.අයි.වී සහ ඒඩ්ස් ගැන කතාකරන්නට පටන් ගන්නේ ලබන වසරේ දෙසැම්බර් පළමුවැනිදා ළඟා වනවිට යි.නමුත් වසරේ එක් දවසක් පමණක් මුළුමහත් ලෝකයම එක් වී , මේ භයානක රෝගය ගැන කතා කිරීම ප්‍රමාණවත්දැයි කියා දැන් අප සිතා බැලිය යුතුව ඇත.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/HIV-AIDS.jpg”]
1.එච්.අයි.වී. සැඟවී තිබෙන්නට පුළුවන.
HIV/AIDS යන වචන කෙතෙක් අසා ඇතත් ඒවායෙන් කියැවෙන්නේ කුමක්දැයි කියා සමහරවිට ඔබ නොදන්වා ඇත. Human immunodeficiency virus and acquired immune deficiency syndrome යන්න එකී කෙටි යෙදුම්වල අරුතයි. ඒ අනුව කිව හැකි වන්නේ මානව ප්‍රතිශක්ති ඌණකාරක වෛරසය මඟින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇති කරන රෝගී තත්ත්වයක් ය යන්නයි. මෙතුළ HIV නමැති අවස්ථාව සහ ඒඩ්ස් නමැති අවස්ථාව වශයෙන් අවස්ථා දෙකක් පවතින බව පෙනේ. එච්.අයි.වී නමැති වෛරසය ශරීරගත වුවහොත්, වසර 10ක් පමණ යනතුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව විද්‍යාඥයෝ පවසති.
2.අපටත් නොදැනීම අප තුළ එච්.අයි.වී.
HIVශරීරගත වුණු පුද්ගලයන් විශාල පිරිසක් තමන් එච්.අයි.වී.වලින් ආසාදනය වී ඇති බව නොදැන සිටීම කණගාටුවට කාරණයකි. අමෙරිකා එක්සත් ජනපදය තුළ කරන ලද සමීක්ෂණයකින් තහවුරුව තිබෙන්නේ, එරට සෑම HIVආසාදිතයන් පස් දෙනකුගෙන් එක් අයෙකු තමන්ට HIVආසාදනය වී ඇති බව නොදන්නා බව ය. මේ තත්ත්වය නිරෝගී අයHIVවලට ගොදුරුවන්නටත් හේතුව වී තිබේ.
3.රෝග ලක්ෂණත් කැපී නොපෙනෙයි
එච්.අයි.වී. ආසාදිත වූ කෙනකුගෙන් මතුවන රෝග ලක්ෂණ සුවිශේෂ නැත. සාමාන්‍ය උණක් හෝ වෙනත් වෛරස ආසාදනයක් හෝ ඇතිවුණු කෙනකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ එහිදීත් දකින්නට පුළුවන. ඒ අතර උණ, මස්පිඬු වේදනාව, හිසරදය, උගුරෙහි තුවාල මතුවීම, මුඛය තුළ තුවාල ඇතිවීම, රාත්‍රියට දහදිය දැමීම, වසා ග්‍රන්ථි ඉඳිමීම, පාචන ගතිය යන රෝග ලක්ෂණ ඇත.
4.එච්.අයි.වී. ශරීරගත වන්නේ කොහොමද?
HIV කිසියම් පුද්ගලයකුට ශරීරගත වන ආකාර කිහිපයක් ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති. අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඒ අතර පළමු තැන ඇත. ඒ හැරුණු විට ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ පටක හෝ වෙනත් කෙනකුගේ ශරීර අභ්‍යන්තරීකරණය කිරීම හෝ වීම, ආසාදිත පුද්ගලයකු භාවිතයට ගත් එන්නත් කටු, සිරින්ජර සහ අනෙකුත් ආකාරවල ශල්‍ය උපකරණ, නිරෝගී පුද්ගලයකු භාවිතයට ගැනීම යන අවස්ථාවලදීත්HIV ආසාදනය වේ. HIV ආසාදිත මවක් දරුවකු දැරීමේදීත්, ඒ දරුවාට මවු කිරි දීමේදීත් දරුවාට HIV ආසාදනය වීමේ හැකියාවක් ඇත. 2015 වසරේදී නිකුත් කරන ලද වාර්තාවල දැක්වෙන ආකාරයට, මවගෙන් දරුවාට HIV සම්ප්රේ ෂණය වීම ඉහළම මට්ටමක තිබෙන්නේ කියුබා රාජ්‍ය තුළ ය.
5. HIV ආසාදිතයන් කොන් කිරීම සාධාරණද?
HIV ආසාදිතයන් මෙන් ම ඒඩ්ස් රෝගය වැළඳුනු අයත් සමාජයෙන් කොන්වීම සාමාන්‍ය සිද්ධියකි. එනිසා එවැනි රෝගීහු ජීවත්ව සිටින කෙටි කාලය ඇතුළතදී, නොසෑහෙන මානසික වේදනාවන්ට මුහුණ දෙති. ඔවුහු සාමාන්‍ය සමාජයෙන් ඈත්ව , හුදෙකලා ජීවිත ගත කරති. HIVඒඩ්ස් වැළඳුන පුද්ගලයන් ඒ අන්දමට සමාජයෙන් කොන් නොකළ යුතු බවට සමාජය තුළ කතිකාවතක් ඇති වී තිබේ. HIV/ ඒඩ්ස් නිසා පීඩාවට පත් අය සමඟ සාමාන්‍ය අයට ජීවත් වීම කොහෙත්ම අපහසු නැත. එයට හේතුව HIV. ආසාදිතයකුට අතට අත දුන් පමණින් හෝ එවැනි පුද්ගලයකු වැළඳගත් පමණින් හෝ HIV නමැති වෛරසය නිරෝගී පුද්ගලයා කරා සම්ප්‍රේෂණය නොවීමයි. මදුරුවන් දෂ්ඨ කිරීම, ක්‍රීඩා කටයුතුවලට සහභාගී වීම වගේ ම , HIV ආසාදිතයන් ස්පර්ශ කරන භාණ්ඩ ආදිය ස්පර්ශ කිරීම නිසාත් HIVසම්ප්‍රේෂණය වීමක් සිදු නොවේ.
6.HIV ආසාදිතයන්ට පටක හෝ අවයව හෝ දානය කළ හැකිද?
HIV ආසාදිතයකුට රුධිරය හෝ ශරීර අවයව හෝ දානය කිරීමක් කළ නොහැකි බව වෙසෙසින් දැක්විය යුතුව ඇත. එවැනි දේ දානය කිරීමක් කළහොත්, ඒ හරහා නිරෝගී පුද්ගලයන් HIVආසාදිතයන් වන්නට ඇති ඉඩ-කඩ ඉතාම ඉහළ ය. මේ නිසා රුධිර බැංකුවල මෙන් ම , අවයව දානය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන වැඩසටහන්වල නිලධාරීන් හැම විටම යට කී කාරණය කෙරෙහි මහත් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරනු පෙනේ.
7.ප්රභවය සහ ආසාදිතයන් සොයාගැනීම
HIVවෛරසයේ ප්රභවය බටහිර – මධ්‍යම අප්‍රිකා ප්‍රදේශ තුළදී 19 වැනි හෝ 10 වැනි හෝ සියවස්වලදී සිදුවන්නට ඇතැයි කියා මතයක් ඇත. කොහොම වුණත් ඒඩ්ස් රෝගය හඳුනා ගැනෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත, රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය නමැති ආයතයෙහිදී ය. එකී හඳුනා ගැනීම සිදුවුණේ 1981 වසරේදී පමණ බව දැක්වේ. රෝගය පිළිබඳ තතු අනාවරණය කරගත් එවක් පටන් 2014 වසර දක්වා වූ කාලය තුළදී ලෝක ජනගහනයෙන් මිලියන 39කට අධික සංඛ්‍යාවක් මිය ගියේ ඒඩ්ස් නිසා ය. ගෙවුණු පසුගිය වසර 15ක කාලය තුළ පමණක්HIV/ඒඩ්ස් නිසා මිය ගිය සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩිවුණු බවත් සැලවේ.
8.පැතිරීම
2015 වසර වනවිට එච්.අයි.වී. වෛරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව මිලියන 36.7 දක්වා ඉහළ ගොස් තිබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ වසරේදී මිලියන 1.1ක පමණ මරණ සංඛ්‍යාවක් වර්තාවුණු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධාන වර්තාවල සටහන්ව ඇත. වඩාත් කනගාටුදායකම කාරණය, වයස අවුරුදු 15ට අඩු දරුවන් මිලියන 1.8කට අධික ප්‍රමාණයක් HIV/ ඒඩ්ස්වලින් පෙළිම ය. මේ සංඛ්‍යා ලේඛන සමඟ ඔබ අමතක නොකළ යුතුම කාරණයක් තිබේ. එනම්, සෑම දිනකම පුද්ගලයන් 5753 දෙනෙකු පමණ එච්.අයි.වී ආසාදිතයන් වන බව ය. ඒ වගේම සෑම පැයකට වරක්ම නිරෝගී පුද්ගලයන් 240 දෙනෙකුට HIV ශරීරගත වන බව ය. HIV ශරීරගත වී ඇතැයි කියා අනාවරණය වන ඒ කිසිවකුට සැනසිල්ලේ ජීවත්වීමට ඉඩක් ලැබෙන්නේ නැත. එයට හේතුව වෛරසය ශරීරය තුළ පැලපදියම් වී හිඳිමින්, ආසාදිතයා තුළ නොයෙක් ආකාරයේ සංකූලතා ඇති කිරී ම ය. එහි අවසානය ආසාදිතයා මරු වැළඳ ගැනීම මිස අනෙකක් නොවේ. එය කෙතරම් රුදුරු තත්ත්වයක් ද යන්න, සමහරවිට ඔබට තවමත් නොතේරෙනවා වන්නට පුළුවන. එහෙත්, ඒඩ්ස් වසංගතයක් බවට පත්ව මානව සංහතිය වළලා දමන්නට සූදානමින් සිටින වග අමතක කර දමන්නට ඔබට ඉඩ දිය නොහැකි ය.
9.HIVපැතිරීමේ වත්මන් ප්රවණතා
HIV ශරීරගත වූවන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ දකුණු අප්‍රිකා රාජ්‍ය තුළ බව වාර්තා වේ. කලාප හැටියට ගත්විට , දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ රටවලත් HIV ආසාදිතයෝ විශාල පිරිසක් ජීවත් වෙති. ඉන්දියාවෙහි ජීවත්වන HIVශරීරගත වූවන් සංඛ්‍යාව මිලියන 2.4කට වැඩ වැඩි බව කියැවේ. ලෝක සෞඛ්යසංවිධානය සතුව ඇති තොරතුරුවලින් සනාථ වන්නේ, අඩු ආදායම් ලබන පුද්ගලයන් සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලබන පුද්ගලයන් ජීවත් වන රටවල HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බවකි. අප්‍රිකාවේ සහරා කාන්තාරය අවට රටවල ජීවත් වන සෑම වැඩිහිටියන් විසි දෙනකුගෙන්ම එක් අයකු, HIVආසාදිතයන් බව අනාවරණය වී ඇත. රුසියාව, යුක්රේ නය, ලැටිවියාව, මෝල්ඩෝවා, පෘතුගාලය සහ බෙලරුසියාව යන රාජ්‍යවල HIV ශරීරගත වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු වන ප්‍රවණතාවක් දැකිය හැකි ය.
10.තවමත් බෙහෙතක් නැත.!
ලෝකය කෙතරම් දියුණු වුවත්, HIV./ඒඩ්ස් නිට්ටාවටම සුව කිරීමට අවශ්‍ය ඖෂධ තවමත් නිෂ්පාදනය කෙරී නැත. දැනට ලබාදෙන්නේ රෝගියා තුළ වෛරසය ගුණනය වීම නැවැත්වීම සඳහා අවශ්‍ය ඖෂධ පමණි. Antiretroviral therapy යනුවෙන් හැඳින්වෙන්නේ එලෙස ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ය. මේ නිසා, HIV ශරිරගත වුවහොත්, එයින් නැවත මිදීමේ ක්‍රමයක් නැති බව අප සැවොම වටහා ගත යුතුව තිබේ.
11.කොයි කාටත් එච්.අයි.වී ශරිරගත විය හැකිය.!
ලොව සුවිශේෂ සහ සම්භාවනීය පුද්ගලයන් ලෙස පිළිගැනෙන පුද්ගලයන්ගෙන් ඇතැම් අය HIV. ආසාදිතයන් බව සමහර විට ඔබ නොදන්නවා ඇත. පැසිපන්දු ක්‍රීඩක මැජික් ජොන්සන්, හොලිවුඩ් නළු චාර්ලි ෂීන්, බ්‍රිතාන්‍ය ජාතික කලාකරුවකු වන හෝලි ජොන්සන්, හොලිවුඩ් නළු ඩැනී පින්ටාවුරු වැනි ප්‍රකට පුද්ගලයෝ ඒ අතර සිටිති. ඒ වගේම දකුණු අප්‍රිකා ජනාධිපති ජේකොබ් සූමා ද HIVඅසාදිතයකු බව අනවරණය වී ඇත. HIV ඒඩ්ස් නිසා මියගිය සම්භාවනීය පුද්ගලයන් සංඛ්‍යාව ද බොහෝ යි.
ශ්‍රී ලංකාවේ දැනට HIVඒඩ්ස් වෛරසය ශරීරගත වූඅසාධිතයින් 4200දෙනකු සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර ඔවුන්ගෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට අයත් සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබනුයේ 1050 දෙනකු බව එම වැඩසටහන පවසයි. මේ වනවිට අදාළ සායනවලින් ඒඩ්ස් රෝගය සඳහා වන ඒ ආර් ටී ප්‍රතිකාරය ලබා ගන්නා පිරිස 945 දෙනෙකි. කෙසේ හෝ වේවා මෙම භයානක රෝගී තත්ත්වය ලොවෙන් තුරන් කිරීමට සියලුදෙනා එක්විය යුතුයි.එසේ නොවුණහොත් HIV/AIDS මානව සංහතිය ගිළගන්නා දිනය වැඩි ඈතක කොවනු ඇත.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/RTS1SDJG-1024×700.jpg”]