ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට
Related Articles
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්වුණා.
නවසීලන්තය සමග ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග තුනක් හා පන්දුවාර 20 ක්‍රිකට් තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වනවා. තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 15 වැනිදා වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියක් සදහා ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අද එක් වුණා. මෙම පුහුණු සැසියේදී වේගපන්දු තණතීරු සදහා ක්‍රීඩා කරන ආකාරය පිළිබද දැනුවත් කිරීමක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් තරගාවලිය සදහා මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර නැහැ. පුහුණු සැසිය පිළිබද අදහස් දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රතික්ෂේප කළා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment