තිරකතා රචකයකු වූ සුනිල් ප්‍රේමරත්නගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය ටවුමේ ඉස්කෝලේ දෙසැම්බර් මස තිරගත වීමට නියමිතයි. එය ළමා සිනමාපටයක්. ධම්මික අතපත්තු ටවුමෙ ඉස්කොලේ සිනමාපටයේ නිෂ්පාදකවරයායි. එහි විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වුණා. ගමේ පාසලකින් පැමිණ නගරයේ පාසලකට ඇතුළත් වන ශිෂ්‍යයකු මුහුණ දෙන නොසිතූ විරූ අත්දැකීම් පෙළක් ඇසුරෙන් අධ්යක්ෂවරයා විසින් ටවුමෙ ඉස්කෝලේ චිත්‍රපටයේ තිර නාටකය සකසා තිබෙනවා.
බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අසංක දේවමිත්ර පෙරේරා, කීර්ති රංජිත්, ප්‍රභාෂි පල්ලියගේ. මෙලීෂා සෙනුලි, යොහානි හංසිකා, දිනුර නාගසිංහ ඇතුළු නළු නිළියන් රැසක් ටවුමෙ ඉස්කෝලේ රංගනයෙන් හැඩ කරන්න සහභාගී වෙලා ඉන්නවා.
බුද්ධික මංගල කැමරා අධ්යක්ෂවරයායි. තරංග රුක්මල්වල අංග රචනයෙන් දායක වී සිටිනවා.මෙම සිනමාපටය සනත් ජානකගේ කලා අධ්‍යක්ෂණයක්. මාධ්‍ය සම්බන්ධිකරණය සහ නිශ්චල ඡායාරූප උපුල් නිශාන්තගෙන්.
පාසල් නිවාඩුවත් සමඟ තිරගත වීමට නියමිත මෙම සිනමාපටය පවුලේ් සියලු දෙනාට නැරඹිය හැකි අපූරු නිර්මාණයක් වන අතර දෙමාපිය ගුරු සිසු සබඳතා වර්ධනය කර ගැනීමටද මෙය මහඟු අත්වැලක් වනු නොඅනුමානයි….
[ot-video type=”youtube” url=”https://youtu.be/N9I5sErqXGk”]