මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්රාමාත්ය ධුරය දැරීමට හිමිකමක් නොමැති බවට ප්රකාශයට පත්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි.
ඒ හේතුවෙන් අලුත්කඩේ උසාවි සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
අමතර පොලිස් නිලධාරීන් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව සදහා යොදවා තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්රීවරුන්.