මඩකලපුව, වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධ විමර්ශන පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකුද එම කණ්ඩායමට ඇතුළත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මඩකලපුව – වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්නශ ආරම්භකර තිබෙනවා.
මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මාර්ග බාධකය අසල මියගොස් සිටියදී අද උදෑසනයි සොයා ගැණුනේ.
ඝාතනයට ලක්වූ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න පොලිස් නිලධාරියා ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ වයස අවුරුදු 35 ක්. ඝාතනයට ලක්වූ අනෙක් නිලධාරියා කල්මුනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් නමැති නිලධාරියෙකු බවයි පොලීසිය සදහන් කළේ.
පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.
මේ අතර මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද පැවැත්වුණා.
මඩකලපුව මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාද සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළා.
ඒ අනුව අදාළ දේහයන් පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මඩකලපුව රෝහලේදී සිදු කෙරෙනවා.