Life+News The Official News Portal of Independent Television Network Ltd

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 15:40

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරේ

21 වන සියවසේ මහා වාරි විස්මිතය වන මොරගහකන්ද – කළුගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හෙට සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

රජරට ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා දුටු දීර්ඝකාලීන සිහිනයක් සහ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිකෙරුනු අවසන් වාරි යෝජනා ක්‍රමය වන්නේ මොරගහකන්ද කළුගග ජලාශ ව්‍යාපෘතියයි. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2007 වසරේදීයි.   ජනාධිපතිතුමන්ගේ මග පෙන්වීමෙන් 2015 වසරේ සිට  ව්‍යාපෘතියේ කටයුතු නව ජවයකින්  ක්‍රියාත්මක කෙරුණා.

කොන්ක්‍රීට්, පස් සහ කළුගල්  පිරවූ වේලි තුනක් සහිත මෙරට ඇති එකම ජලාශය මෙයයි. මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි හාරලක්ෂ හැට දහසක්. එය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයකට ආසන්නයි. ඒ තුළින් කුඹුරු අක්කර 82000 ක් අස්වැද්දීමට නියමිතයි.  මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙනවා. උතුරු මැද පළාතේ වැව් 1600 කට සහ වයඹ පළාතේ වැව් 303 කටද ජලය නිකුත් කළ හැකියි. එම පළාත්වල අක්කර ලක්ෂ 03 ක් අස්වද්දා පවුල් ලක්ෂ 15 කට ඉන් සෙත සැළසිය හැකි වනවා. පවුල් ලක්ෂ 03 කගේ පානීය ජල අවශ්‍යතාද සැපිරිය හැකියි. මොරගහ කන්ද ජලාශය මගින් විදුලියද නිපදවනවා.

විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් ජාතික පද්ධතියට වාර්ෂිකව එක්වන විදුලි ධාරිතාව මෙගවොට් 25 ක්. මේ තුළින් වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක්. ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව ටොන් තුන්දහසක් වනවා. එමගින් අපේක්ෂික ආදායම රුපියල් මිලියන 225 ක්.

මොරගහකන්ද ජලාශයේ රන් දියවර මුදා හැරීම පසුගිය ජනවාරි 08 වනදා ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ඉතා කෙටි කාලයකින් ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු විවෘත කරන පලමු අවස්ථාව හෙටයි.

මෙම අවස්ථාවට එක්වන ජනාධිපතිතුමා මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරීශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවීමට නියමිතයි.

පළාත් තුනක ජීවිත් වන දහස් ගණනක ගොවි පවුල් සදහා සෘජු ආර්ථික වටිනාකමක් සැළසෙන මොරගහකන්ද කළුගග වාරි ව්‍යාපෘතිය තුලින් මුළු මහත් ජාතියටම හිමිවන ප්‍රතිලාභ අතිමහත්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2018 15:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්