Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි රොෂාන්ගේ නඩුව දෙසැම්බර් 5 වනදා යළි කැඳවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 11:55

අලි රොෂාන්ගේ නඩුව දෙසැම්බර් 5 වනදා යළි කැඳවයි

බලපත්‍ර නොමැතිව වන අලි ළග තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (28) විභාගයට ගැණුනා.

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන ප්‍රියංකා සංජීවනී, උපාලි පද්මසිරි ඇතුළු හත්දෙනෙකුට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත සහ පොදු දේපල පනත යටතේ නඩු පවරා තිබෙනවා. ඒ නීතිවිරෝධී ලෙස වන අලි හතර දෙනෙකු ළග තබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා 24 ක් යටතේයි. විත්තිකරුවන්ට පැමිණිලි පාර්ශ්වයෙන් ලැබිය යුතු ලේඛන නිසි පරිදි අංකනය කර ඉදිරිපත් කරන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළා. ඒ අනුව නඩුව ලබන 5 වනදා යළි කැදවීමටයි නියෝග කෙරුණේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 11:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්