Life+News The Official News Portal of Independent Television Network Ltd

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 09:14

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුවක වරෙන්තු කරුවෙකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණය දුන් බවට විජේගුණරත්න මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේයි මෙම නියෝගය ලබාදුන්නේ.

ඒ මහතාට ඇප දීමක් සිදුවුවහොත් විමර්ශනවලට බාධා ඇතිවන බව රහස් පොලීසිය අධිකරණයට වාර්තා කළා. සැකකරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බවට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥ මඩුල්ල අධිකරණය හමුවේ කියාසිටියා.

පසුගිය සැප්තැම්බර් 10 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබුණද රාජකාරි කටයුත්තක් හේතුවෙන් මෙක්සිකෝවට ගොස් සිටි නිසා එදින පැමිණියේ නැහැ.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයට පැමිණේ

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියා.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩවරයෙකුට රැකවරණය ලබාදුන් බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විජේගුණරත්න මහතාට මීට පෙරද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2018 09:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්