කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්රි ලාංකික ශ්රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
මෙම ශ්රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0114380954/ 0112878244 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.