යුක්රේනයේ දින 30 ක් සදහා හමුදා නීතිය පනවා තිබෙනවා.
රුසියාවෙන් බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ කිහිපයකටයි මෙලෙස හමුදා නීතිය පනවා තිබෙන්නේ. එරට ජනාධිපති පෙට්රෝ ප්රොෂෙන්කෝ කියා සිටියේ රටක් ආක්‍රමණය කිරීම අතිශය බැරෑරුම් තර්ජනයක් බවයි. යුක්රේනයේ ආරක්ෂාව සදහා මෙලෙස හමුදා නීතියක් අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. යුක්රේනයට අයත් හමුදා නෞකා තුනක් රුසියාවට නතු කර ගැනීමෙන් මෙලෙස රුසියාව සහ යුක්රේනය අතර ගැටලුවක් මතුව තිබෙනවා.