Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර සිසුවාගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 08:52

මාතර සිසුවාගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මාතර දී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තුන්වන සැකකරු මාතර නගරයේදී අද අත්අඩංගුවට ගැනුණා. මේ අතර ඝාතනයට ලක්වූ සිසුවාගේ දේහය පිළිබද අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේ දී අද සිදුකෙරුණා.

මාතර කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි සිද්ධියට සම්බන්ධ 3 වන සැකකරු අද අත්අඩංගුවට ගත්තේ. ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නමැති සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිසුවා ඝාතනය කිරීම සදහා පැමිණි යතුරුපැදිය පැදවූයේ 17 හැවිරිදි මෙම සැකකරු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු ඊයේ දිනයේදී පොලීසියට භාර වුණා. ප්‍රධාන සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරු‍ණා.

මේ අතර දෙවන සැකකරු ද මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. එදින ඔහු හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී 19 හැවිරිදි පාසල් සිසුවා පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූයේ පසුගිය 24 වනදායි. එම සිසුවාගේ දේහය තිහගොඩ මාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා. දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 08:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්