නවතම ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.
දෙවන ස්ථානයට පත්ව සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. දකුණු අප්‍රිකාව තුන් වන ස්ථානයේ රැදී සිටිනවා. ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරිම්වල හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්රහණයෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම ශ්‍රේණිගත කිරිම් පිළිබඳව අදහස් පළකළා. ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වලත් පළමු ස්ථානය ගැනීමයි ඔවුන්ගේ සැළැස්ම වී තිබෙන්නේ. එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්වල මුල් ස්ථානය හිමිව ඇත්තේ එංගලන්තයටයි.