ගුවන් ගමන් වාර 1600 ක් අවලංගු කිරිමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. තවත් පහලොස් දහසක් ප්‍රමාදවී ධාවනය වන බවයි බලධාරින් පවසන්නේ.
අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවීම ඊට හේතුවයි. හිම කුණාටු ඇතුළු අහිතකර තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ අනුව ගුවන් තොටුපල රැසක කි‍්‍රයාකාරිත්වය අඩාල වුණා. ප්‍රදේශ රැසක එක් කෝටි හතලිස් ලක්ෂයකට පමණ බලපෑම් එල්ලවී තිබෙනවා. කන්සාස් , මිසුරි , ලෝවා ඇතුළු ප්‍රදේශ ඊට අයත්. නිවාස තුළ රැඳී සිටින ලෙසට ජනතාවට දැනුම් දුන් බවයි කාලගුණ විද්‍යා අංශ සදහන් කළේ.